Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘සංගා අනුකරණය කරමින් දේශපාලන ක්ෂේත්‍රයේ පිට පිට හයේ පාරවල් රැසක් එල්ල කිරීමට සුදානම්‘‘ සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගමට මුල්ගල තබමින් ඇමති සජිත් කියයි (PHOTOS)

4398Views

‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදිවන 2,126 වන උදා ගම්මානය ලෙස “සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම” සඳහා මුල්ගල තැබීම ඊයේ (19) සිදු කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  දක්ෂතාව, හැකියාව, අධිෂ්ඨානය, නිහතමානීත්වය ඔස්සේ නායකත්වයට පත් ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ කුමාර සංගක්කාර මහතා උචිත අයුරින් පිත්ත හසුරුවා ලෝකය ජයගත් බවත්, එතුමා අනුගමනය කරමින් තමන්ද මෙම වසරේ දේශපාලන ක්ෂේත්‍රයේ පිට පිට හයේ පාරවල් රැසක් එල්ල කිරීමට සුදානම් බවත්ය.

තමන් පිට පිට හයේ පාරවල් එල්ල කරන විට එයට බිය වන අය සහ ඊට ඔරොත්තු නොදෙන අයද දේශපාලන ක්ෂේත්‍රයේ සිටින බව පැවසූ අමාත්‍යවරයා,තමා වෙත පැමිණෙන ඊර්ෂ්‍යාව, වෛරය හා ක්‍රෝධය සිනාමුසු මුහුණින් නිහතමානීව තමන් භාර ගන්නා බවද ප්‍රකාශ කළා. එසේම තමන් සෑමවිටම සංවර්ධන වැඩසටහන් දියත් කරනුයේ තම පවුල් පරපුරේ සාක්කු පුරවා ගැනීමට නොව රටේ පොදු ජනතාවගේ අතමිට සරු කිරීමට බවද අමාත්‍යවරයා වැඩිදුරටත්  සඳහන් කළා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ලුණුගම්වෙහෙර, කැන්දගස්මංකඩ ප්‍රදේශයේ මෙම ගම්මානය ඉදිවන අතර  “සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම” උදා ගම්මානය නිවාස 25 කින් සමන්විත වන අතර මෙහි එක් ප්‍රතිලාභියෙකුට නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 7 1/2 ක නිවාස අධාරයක් හිමි වනවා.