Sunday, May 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දියේ ගිලුණු තරුණියකගේ ජීවිතය නාවික හමුදාවෙන් බේරා ගනී..!  නොදන්නා තැන් වල දිය නෑමට යන්න කලින් දෙපාරක් සිතන්න (PHOTOS)

2906Views

පානම කළපුවේ දිය නෑමට ගිය අවුරුදු 18 ක් පමණ වයසැති තරුණියක් දියේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා. පානම ප්‍රදේශයට විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසක් අතර සිටි මෙම තරුණිය දිය නෑම සඳහා කළපුවට බැස ඇති අතර එහිදී ඇය දියේ ගිලෙන ආකාරය දුටු  එම වෙරළ තීරයේ ජිවිතාරක්‍ෂක රාජකාරියෙහි නියුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට අනුයුක්ත ජීවිතාරක්‍ෂක නාවිකයින් පිරිසක්  විසින් ක්‍ෂණිකව ක්‍රියාත්මක වී එම තරුණිය නිරුපද්‍රිතව බේරාගෙන ඇයගේ ඥාතීන්ට භාරදී තිබෙනවා

එසේම ඊයේ (19) දිනයේදී නුවර එළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිනිස ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකුද නාවික හමුදාව විසින් බේරා ගෙන තිබෙනවා. 

 අවුරුදු නිවාඩු සමයේ විනෝද චාරිකාවන් වල නිරතවන ජනතාව විවිධ අනතුරුදායක ස්ථාන වල දිය නෑමට පෙළෙඹෙන හෙයින් ජීවිත හානි සිදුවීමේ අවදානම වැඩි බව නිරීක්‍ෂය වන අතර, ජීවිතාරක්‍ෂක කණ්ඩායම් සිටින ආරක්‍ෂිත ස්ථාන පමණක් දිය නෑම සඳහා තොරා ගන්නා ලෙසයි ශ්‍රී ලංකා නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


 

YOU MAY ALSO LIKE