Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනපතිගෙන් සහ අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්...!

1698Views

අද උදෑසන ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයන් සිදුකර තිබෙනවා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ මේ අවස්ථාවේදී සන්සුන්ව කටයුතු කරන ලෙසත්, පිපිරීම් පිළිබඳ පරීක්ෂණ සඳහා සියලු ජනතාවගේ සහය අපේක්ෂා කරන බවත්, මේ සම්බන්ධයෙන් රජයේ වගකීම නොපිරිහෙලා ඉටුකරන බවත්ය.

එසේම අද එල්ල කළ මෙම බියගුළු ප්‍රහාරය තමන් තරයේ  හෙලා දකින බවත්, මෙම ඛේදජනක කාලය තුළ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සියලු දෙනා එක්සත් සහ ශක්තිමත් ලෙස රැඳී සිටින ලෙස තමන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.