Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දෙමටගොඩ ප්‍රදේශයේ තවත් පිපිරීමක් - ඇඳිරි නීතිය දැන් ක්‍රියාත්මකයි (UPDATE)

7009Views

පොලිස්පති පුජිත ජයසුන්දර ගේ නියෝගය පරිදි දිවයින පුරා බල පැවැත්වෙන පරිදි මේ මොහොතේ සිට දිවයින පුරා පොලිස් ඇඳිරි නිතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කරනවා.

_____________________________________________________________________________ 

දෙමටගොඩ ප්‍රදේශයේ තවත් පිපිරීමක්  -  රට පුරා ඇඳිරි නීතිය පැනවීමට පියවර (21-04-2019 14:46)

මීට සුළු මොහොතකට පෙර  දෙමටගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක තවත් පිපිරීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දෙමටගොඩ දුම්රිය ස්ථානය පිටුපස මහවිල උද්‍යානය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක මෙම පිපිරීම සිදු වි ඇති අතර පිපිරීම සිදු වු ස්ථානයේ ගින්නක්ද පවතින බවයි වාර්තා වන්නේ

දැනට පවතින තත්ත්වය හමුවේ අද පස්වරු 06 සිට හෙට පෙරවරු 06 දක්වා ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

මේ පිළිබඳව තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.