Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඉන්සාන් සීලවන්.. අවිස්සාවෙල්ලේ ව්‍යාපාරිකයෙක් - ෂැංග්‍රීලා ප්‍රහාරකයාගේ සියලු තොරතුරු හෙළිවෙයි

20312Views

කොළඹ ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට පැමිණි පුද්ගලයා තහවුරු කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. 

අවිස්සාවෙල්ලේ කර්මාන්තා ශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු බව පැවැසෙන ඉන්සාන් සීලවන් නැමැති පුද්ගලයා මෙම ප්‍රහාරයට පැමිණි ඇති බවට පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එම සැකකරුගේ බිරිඳ හා සහෝදරිය දෙමටගොඩ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එසේම එම කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයන් 9 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව එළැඹෙන 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.