Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඉරුදින දේවමෙහෙය අතරතුරදී බර්කිනා ෆාසෝ හි කතෝලික දේවස්ථානයකට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් - චෝදනාව අන්තවාදී කණ්ඩායමකට

7361Views

20 දෙනෙකුගෙන් පමණ සමන්විත සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් විසින් බටහිර අපි‍්‍රකාවට අයත් රටක් වන බර්කිනා ෆාසෝ රාජ්‍යයේ ඩබ්ලෝ නගරයේ පිහිටි කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඊයේ (12) පැවැති ඉරුදින දේවමෙහෙය අතරතුරදී දේවස්ථානයට කඩා වැදුනු ඔවුන් එහි යාඥා කරමින් සිටි බැතිමතුන් වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති අතර වෙඩි තැබීමක් සමග දේවස්ථානය තුළ සිටි පිරිස දිව ගොස් තිබෙනවා. කෙසේ නමුත් පුද්ගලයින් 06 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මියගිය පිරිස අතරට දේවමෙහෙය සිදු කරමින් සිටි පියතුමන් ද අයත් වන අතර ප‍්‍රහාරයෙන් පසුව සන්නද්ධ ත‍්‍රස්තයින් පිරිස දේවස්ථානයට සහ නගරයේ පිහිටි ගොඩනැගිලි කිහිපයකටද ගිනි තබා තිබෙනවා

පසුගිය සති 05 තුළදී බර්කිනා ෆාසෝ රාජ්‍යයේ පිහිටි කතෝලික දේවස්ථාන 03ක් ඉලක්ක කර මෙලෙස ප‍්‍රහාර එල්ල වී ඇති අතර මෙම ප‍්‍රහාර සම්බන්ධයෙන් එරට  කි‍්‍රයාත්මක ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් වෙත චෝදනා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ පාසල්වල ආරක්ෂාව තර කර ඇති බවයි විදෙස් මාධ්‍ය  වාර්තා සඳහන් කරන්නේ.