Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘පල්ලිවලට පහරදුන් වීඩියෝ තියෙනවනම් දෙන්න‘‘ විදෙස් මාධ්‍ය ලංකාවේ සිදුවීම් ඉහළින්ම වාර්තා කරයි..!

10721Views

පසුගිය දින කිහිපය තුල වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ කලහකාරී සිදුවීම් වල දර්ශන ඇත්නම් ඒවා තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක සේවය කරනු ලබන මාධ්‍යවේදියෙක් විසින් සමාජ මාධ්‍ය හරහා සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුවී තිබෙනවා.

අන්තගාමි මත දරන සුළුතර පිරිසක් විසින් පසුගිය දෙදින තුල කුලියාපිටිය, හෙට්ටිපොල, වාරියපොළ, හලාවත සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති කරනු ලැබූ කලහකාරී තත්ත්වය ජාත්‍යන්තරය හමුවේ උලුප්පා දක්වමින්,  යලිත් වරක් ශ්‍රී ලංකාව තුල අරාජික තත්ත්වයක් ඇතිවී තිබෙන බවට ජාත්‍යන්තරය හමුවේ පෙන්වා ඔවුන් සිදුකරන්නට ප්‍රයත්න දරන මෙම සිදුවීම අනාගතයේදී මෙරට තුල අර්බුධකාරී වාතාවරණයක් ඇති කිරීමේ එක් සාධකයක් වනු ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන්නේ.

මේ අතර බහින්බස්වීමක් හේතුවෙන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මියගිය මුස්ලිම් ජාතිකයෙකුගේ මරණයක් සම්බන්ධයෙන් පුවතක්ද ප්‍රංශ පුවත් සේවයද ඊයේ (14) වාර්තා කර තිබුනා.

තවද පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇතිවූ ගැටුම්කාරී වතාවරණය අතර වාරයේදී පකිස්ථානයේ අත්අඩංගුවට පත්ව පසුව නිදහස ලැබූ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් වන වින්ග් කමාන්ඩර් අභිනන්දන් වත්මාන් ප්‍රකාශ කර සිටියේ ඉන්දීය මාධ්‍ය විසින් පලකරනු ලබන ප්‍රවෘත්ති හේතුවෙන් අසල්වැසි රටවල් දෙක අතර ඇතැම් විට යුධ ගැටුම් ඇතිවීමේ ප්‍රවනතාවයක් ඇතිවී තිබෙන බවයි.