Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘ෆේස්බුක් පෝස්ට් දාන තරුණයින් ගැන පරීක්ෂන කරනවා වගේම කට කැඩිච්ච කතා කියලා රට ගිණි තියන ඇමතිලා ගැනත් පරීක්ෂණ කරන්න‘‘ මාවරලේ භද්දිය හිමියන්ගෙන් ඉල්ලීමක් (VIDEO)

3295Views

තරුණයන් සමාජ මාධ්‍යවල පළ කරන ප්‍රකාශ පිළිබද පරීක්ෂණ පවත්වන ලෙසම අමාත්‍යවරු සිදුකරන රට ගිණි තබන ප්‍රකාශ පිළිබදයෙන්ද පරීක්ෂණ පැවැත්විය යුතු බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසනවා.

‘‘ජාතික මග - රට රකින රට හදන මහජන ව්‍යාපාරය‘‘ මංගල මහා සමුළුව අමතමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර එම සමුළුව  ආගමික නායකයන් සහ දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙම කළහකාරී සිදුවීම් පිටුපස සිටින්නේ සිංහල,දෙමළ,මුස්ලිම් පිරිස් නොව දේශපාලන අන්තවාදය බවයි. එසේම පසුගියදා මංගල සමරවීර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයද උන්වහන්සේගේ  අප්‍රසාදයට ලක්වුනා.