Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘පොලු මුඟුරු අතේ මුකුත් නැතිව ගිහින් කොහොමද කුපිත කරන්නෙ...?‘‘ සමාජ ජාලා හරහා පැතිර යන කතාවට මධුමාදව අරවින්ද පිළිතුරු දෙයි

2916Views

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී 13 දා සිදු වූ ගැටුම් පිටුපස පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද සිටින බවට සමාජය තුළ විශාල කතාබහක් ඇති වුනා. ඒ අදාල ගැටුම සිදුවන ස්ථානයේ ඔහු සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීමත් සමඟයි.

ඒ අනුව පැතිර යන කතාව සම්බන්ධයෙන් විශේෂ  ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු පිළිතුරු ලබා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමාජ ජාලා හරහා පැතිර යන දර්ශනද පෙන්වමින් ඔහු අදාළ සිදුවීම පිළිබඳ පැහැදිලි කළා. එහිදී ඔහු කියා සිටියේ තමන් දිවුලපිටිය ප්‍රදේශයට යමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ඇතිවූ වාහන තදබදය නිසා ඒ පිළිබඳ විමසීමට පැමිණි අවස්ථාවේදී ලබා ගත් වීඩියෝවක් මඟින් මෙම මඩ ප්‍රචාරය එල්ල කරන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරමින් නියෝජ්‍ය නායකවරයා මෙලෙස කරුණු පැහැදිළි කළා.

‘‘මිනුවන්ගොඩ පාලම උඩ තමයි මේ ඉන්නෙ. දිවුලපිටිය බලා ගමන්කරමින් සිටි අපි ඊයෙ වාහන තදබදය නිසා ඉදිරියට ගිහිල්ලා විමසනවා පොලිස් නිළධාරියෙකුගෙන් මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා.  එවිට එතුමා මට කිවුවා යන්න එපා සර්, ඉස්සරහ කළබළයක් කියලා‘‘

‘‘ඒ නිසා අපි ආපහු හැරිලා අපේ වාහනේට එන දර්ශනය වීඩියෝ කරලා, මේ සියල්ල පිටිපස්සෙ හිටියෙ අපි බව තමයි මේ මඩ ප්‍රචාර වලට සූක්ෂමව අරන් යන්නෙ‘‘

‘‘කුපිත කරන්න යන කෙනෙක් මෙහෙම සුදු ඇඳගෙන යයිද..? පොලු මුඟුරු අතේ මුකුත් නැතිව ගිහින් කොහොමද කුපිත කරන්නෙ. සිංහල ජාතිය වෙනුවෙන් දේශපාලනය කරන අපි පිටිපස්සෙ ඉඳලා කිසිවක් කරන්නෙ නැහැ.කරනවනම් ඉදිරියෙන්ම ඉඳලා තමයි කරන්නෙ‘‘

‘‘ඒ නිසා මේ අසාර්ථක උත්සාහය සිංහල ජාතිය කුපිත කිරීමේ කොන්ත්‍රාත්තුව ඉදිරියට අරගෙන යන සයිබර් මඩ මොළකරු මංගල බළකාය ගත් අපූරු අසාර්ථක උත්සාහයක්‘‘