Sunday, May 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඇමෙරිකාවේ හමුදාවට ශ්‍රී ලංකාවේ බලය හිමිවන ගිවිසුමක් - තමන් එකඟ නැති බව යුද හමුදාපති කියයි!

40912Views

ඕනෑම හදිසි අවස්තාවක ශ්‍රී ලංකාවේදි ඇමෙරිකානු හමුදාවන් ස්ථාන ගත කළ හැකි SOFA ගිවිසුමක් (A status of forces agreement) ශ්‍රී ලංකාවේ රජය ඇමෙරිකාව සමග අත්සන් කිරීමට සුදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට ඇමෙරිකානු හමුදාවන්ට අවසර හිමි වන අතර, ඉන්පසුව ඔවුන් රැගෙන එන භාණ්ඩ පරීක්ෂා කිරීමට පවා ශ්‍රී ලංකා රේගුවට බලයක් හිමි වන්නේ නැහැ. තවද මෙම ගිවිසුමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයට විශේෂ බදු සහන පවා ශ්‍රී ලංකාවෙන් හිමිවීම විශේෂය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමට තමන් විරුද්ධ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසනවා. සිලෝන් ටුඩේ පුවත්පතට අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියා. ඒ පිළිබඳව අදහස් දක්වන යුද හමුදාපතිවරයා පවසන්නේ එවැනි ගිවිසුමකට එකඟ වීම සියදිවි නසාගැනීමකට සමාන බවයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් සිලෝන් ටුඩේ පුවත්පතට වැඩිදුරටත් අදහස් දක්වන යුද හමුදාපතිවරයා,

"කොහොමද අපි මේ වගේ ගිවිසුමක් අත්සන් කරන්නේ ? එම ගිවිසුමේ කරුණු වලට අපට එකග විය නොහැකියි. ඒක හරියට අපගේ දේපළ සියල්ල වෙන කාටහරි ලියා දී සිය දිවි නසා ගැනීම වගේ වැඩක්" යනුවෙන් ප්‍රකාශ කර තිබුනා.

ශ්‍රී ලංකාව පිහිටීම අතින් සහ ස්වභාවික සම්පත් අතින් මුලු ලෝකයේම අවදානය දිනා ගත් රටක් වන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලය තහවුරු කර ගැනීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බොහෝ කාලයක සිට උත්සාහ කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළි සදහාද ඇමෙරිකාව සිය ඔත්තු සේවා මගින් සෘජුවම දායක වන අතර පසුගිය ශ්‍රී ලංකාවේ මැතිවරණ සදහා ඇමෙරිකාව මුදල් වැය කළ බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පිළිගැනීම විශේෂත්වයකි.

YOU MAY ALSO LIKE