Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ත්‍රස්තවාදයට එරෙහි පරීක්ෂණ කඩිනමින් කිරීම ගැන ජාත්‍යන්තරය පුදුමයට පත්වෙලා" අගමැති රනිල්ගෙන් ප්‍රකාශයක්!

1626Views

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අයි.එස් ත්‍රස්තයන්ට එරෙහිව ශ්‍රී ලංකාව සිදු කළ පරීක්ෂණ සම්බන්ධයෙන් ලෝකයම මවිත වී තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බළකායේ ක්‍රියාකාරීන් පිරිසක් සමග ඊයේ දින (15) පැවැති රැස්වීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

"මන් එකක් කියන්න කැමතියි, දැනට මේ පරීක්ෂන සාර්ථකව ඉදිරියට ගෙනැවිත් තියෙනවා. බොහෝ දුරට මේ පරීක්ෂණ ලගඳීම අවසන් කරන්න පුලුවන් වේවි. මේ බෝම්බය පිපිරිලා මාසයක් යන්නත් කලින් මේ සියල්ලම හඳුනාගෙන තියෙන්නේ. අන්න ඒ කාරණය දිහා බැලුවම විදේශ ආයතනත් අපිට කියනවා, ලෝකයේ මෙහෙම සීග්‍රයෙන් කරපු පරීක්ෂණ දෙක තුනයි තියෙන්නේ කියලා. ලංකාව ඒ පරීක්ෂණ සීග්‍රයෙන් කිරීම ගැන ඒ අය මවිත වෙලා තියෙනවා, ප්‍රශංසා කරනවා"

ප්‍රභාකරන් ඇල්ප්‍රඩ් දොරෙඅප්පා මැරුවේ 1976 දි. ඒත් එයාට විරුද්ධව නඩු දාන්න සාක්ෂි තිබුනේ නෑ. ඔහුට විරුද්ධව නඩු දාන්න සාක්ෂි හොයා ගත්තේ මහ බැංකු බෝම්බෙදි. ඒ කියන්නේ පළවෙනි අපරාදෙන් අවුරුදු 20ක් ගියාමයි ප්‍රභාකරන්ට විරුද්ධව සාක්ෂි හොයා ගත්තේ. 

නමුත් අද මාසයක් යන්න ඉස්සෙල්ලා නීතියට යන්න සාක්ෂි පොලීසිය හොයාගෙන තියෙනවා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ පරීක්ෂණ ඉක්මනින් අවසන් කරන්න." යනුවෙනි.