Sunday, May 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනපති මෛත්‍රී ගමන් ගත් ගුවන් යානය අනතුරට ලක්වූවා යැයි ෆේස්බුක් දැමූ විශ්ව විද්‍යාල සිසුවා බන්ධනාගාරයට!

3829Views

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ හුවමාරු කර ගත් විශ්ව විද්‍යාල සිසුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ පුවතක් වාර්තා වෙනවා.

පසුගිය 13 වැනිදා විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්වී ඇති බවට මුහුණු පොත ඔස්සේ අසත්‍ය ප‍්‍රචාරයක් කළ විශ්ව විද්‍යාල සිසුවකු මේ අ‍යුරින් ලබන 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කර තිබේ.

සංඛ ප‍්‍රමෝද් ආරියවංශ නමැති පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන කෝට්ටේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවකු එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය. 

මෙම විශ්ව විද්‍යාල සිසුවා එකී ප‍්‍රචාරය නිර්මාණය කිරීම නොව අන් කිසිවකු විසින් අන්තර්ජාලයට මුදාහරින ඔහුගේ මුහුණු පොත හරහා හුවමාරු කරගැනීමක් පමණක් බව පෙන්වා දුන් ඔහුගේ නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙය ඉතා සංයමයෙන් කටයුතු කළ යුතු කාලයක් මිස විහිළු තහළු කිරීමට කාලයක් නොවන බව විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් එම නියෝගය කළාය.
 

YOU MAY ALSO LIKE