Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පෙරමුණ ගනියි - මන්ත්‍රී අත්සන් 66ක් සමග විශ්වාසභංගය කථානායකට!

3985Views

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව පොදු විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබේ. මෙම විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒකමතික එකඟතාවය හිමි වූ අතර මෙම විශ්වාසභංශය ගෙන ඒමේ මෙහෙයුම දියත් කරන්නේද ඒකාබද්ධ විපක්ෂය විසිනි.

එහිදි විමල් වීරවංශ, චමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ ආදීන් ඇතුලු මන්ත්‍රීවරු 66ක් මෙම විශ්වාසභංග යෝජනාව යෝජනාවට අත්සන් තබා තිබුනා.

මේ අතර මෙම විශ්වාසභංග යෝජනාව මීට ස්වල්ප මොහොතකට පෙර ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයා වෙත භාර දී තිබෙන බව වාර්තා වෙනවා. අද උදෑසන 10.00ට පමණ මෙම යෝජනාව කථානායකවරයා වෙත භාරදී තිබෙන බව සඳහන්. 

මෙම විශ්වාසභංග යෝජනාවට සහය පළ කරන අනෙක් පාර්ශ්ව පිළිබඳව අදහස් දක්වන ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසූවේ

"ජවිපෙ ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් පිළිබඳත් මෙම චෝදනා අතරේ තිබෙනවා. ඒ නිසා ජනතා විමුත්කි පෙරමුණට මේකට අත්සන් කරන්න අපි ආරාධනා කළේ නෑ. ඔවුන් අපහසුතාවයට පත්වෙන නිසා. නමුත් ඔවුන්ට ඕනේ නම් පුළුවන් අන්තවාදයට තමන්ගේ විරෝධය පෙන්නුම් කරන්න විවාදයේදී එකට එකතු වෙන්න පුළුවන්. ශ්‍රීලනිපය දැනුම් දුන්නේ මන්ත්‍රි කණ්ඩායම සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි. " යනුවෙනි.