Sunday, May 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

තවුහීද් ජමාත් ත්‍රස්තයන් පුහුණුව ලැබූ මධ්‍යස්ථාන හතක්, ආරක්ෂිත නිවාස 17ක් රට වටින් හමුවේ.!

4313Views

පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කළ නැෂනල් තව්හීද් ජමාත් ත‍්‍රස්තවාදීන් ඊට පෙර භාවිත කළ රට පුරා ප‍්‍රදේශ රැසක පිහිටි ආරක්‍ෂිත නිවාස දහහතක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සමත්ව තිබේ.

ප‍්‍රහාරය සැලසුම් කරමින් වරින් වර ත‍්‍රස්තවාදීන් මෙම නිවාසවල රැඳී සිට ඇතැයිද පරීක්ෂණ වලින් හෙළිව තිබේ. 

මීගමුව - කටුවපිටිය, පානදුර සරික්කමුල්ල, ශාන්ත අන්තෝනි පාර කොළඹ 3, ටෙම්පල්ස් පාර ගල්කිස්ස, වනාතවිල්ලූව, වත්තල- එඩේරමුල්ල, මයුර පෙදෙස කොළඹ 6, සයින්දමරුදු, මල්වාන, තිහාරිය, දළුවකොටුව-කොච්චිකඬේ, වාලච්චේන-රිදීතැන්න, කුලියාපිටිය-සුභාරතිපුර, හෙට්ටිපොළ, කටුපොත, නින්දවුර් සහ සමන්තුරේ යන ප‍්‍රදේශවල එම නිවාස පිහිටා තිබී ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්තයන් පුහුණුව ලැබූ මධ්‍යස්ථාන හතක් සොයා ගැනීමට ද මේ වන විට පොලිසිය සමත්ව ඇති අතර ඒවා පිහිටා තිබී ඇත්තේ වනාතවිල්ලූව, හම්බන්තොට, නුවරඑළිය, මහනුවර-අරුප්පොළ, මල්වාන, කාත්තන්කුඩි සහ වාලච්චේන යන ප‍්‍රදේශවලය.

YOU MAY ALSO LIKE