Wednesday, December 11, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට හා ආත්ම පරීක්‍ෂාවකට සූදානම් - කබීර් හෂීම්

2379Views

මේ රටේ මැතිවරණ ඉතිහාසය සළකාබැලීමේදී බහුතරය අන්තවාදය ප්‍රතික්ෂේප කොට ඇතැයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසනවා.

මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන නායකයන් විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

මහ ජනතාව දේශාපලන න්‍යාය පත්‍ර වල හෝ, ජාත්‍යන්තර න්‍යාය පත්‍ර වල හෝ, වෙළඳ තරඟ වල හෝ ගොදුරු බවට පත් නොවිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම පාසල සමාජයේ හරස් කඩක්කරගත යුතු බවත් ඔහු පවසා සිටියේය.

මෙමම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ  මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසුවේ පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බවයි.

ශ්‍රී ලාංකියන් ලෙස සිංහල සංස්කෘතිය සමග කටයුතු කරන බවත්,මුස්ලිම් සමාජයට එම මහා සමාජයෙන් ඉවත්ව වාසය කළ නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මුස්ලිම් සමාජය තුළ වැරදි තිබිය හැකි බවත්,එම වැරදි නිවැරදි කරගෙන ශ්‍රී ලාංකිකයන් ලෙස නැගීසිටීමට සූදානම් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ අනුව ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය තුළට බාහිරින් පැමිණ ඇති අරාබි නීති,සංස්කෘතිය හා මද්‍රසා පාසල් වෙනස් කිරීම සඳහා  මුස්ලිම් විද්වතුන් සංවාදයක් ආරම්භ කර තිබෙන බවද ඒ මහතා පැවසීය.