Tuesday, September 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ශ්‍රී ලංකාව යුද අධිකරණයට ගෙන යන්න ප්‍රතිඥාවක්" දෙමළ සන්ධානයේ මුල්ලිවයික්කාල් සැමරුමට පොලිස් ආරක්ෂාව.! (PHOTOS)

3146Views

මානුෂීය මෙහෙයුමේ අවසන් සමයේදී මිය ගිය වැසියන් සිහි කිරීමට යැයි කියා දෙමළ ජාතික සන්ධානය මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ සිදු කෙරෙන සැමරුම මෙවරත් පැවැත්විය.

මෙවර දෙමළ සන්ධානයේ මුල්ලිවයික්කාල් සැමරුමට පොලිස් ආ‍රක්ෂාවද ලබා දී තිබීම විශේෂත්වයකි.

පසුගිය දිනයන්හි ඇති වූ බෝම්බ පිපුරුම් සමග ඇතිවූ අනාරක්ෂිත තත්වය හේතුකොට ගෙන මුල්ලි වයික්කාල් යුද සැමරුම වෙනුවෙන් පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට සිදු වූ බව මෙම සැමරුමේ සංවිධායකයන් පවසනවා.

මුල්ලිවයික්කාල් සැමරුමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ශිවසක්ති ආනන්දන්, එස්. සිවමෝහන් හා හිටපු පලාත්සභා ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන්, හිටපු පලාත්සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්, හිටපු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටි අතර යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක්ද සහභාගී වී තිබේ.

එහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර එමගින් කියා සිටියේ,

"යුද්දය අවසන් වී වසර 10 ක් ගත වී ඇතත් මේ දක්වා යුද්දදෙන් මිය ගිය ජනතාවගේ පවුල් වෙනුවෙන් හෝ මිය ගිය ජනතාවට සාධාරණයක් වෙලා නැහැ. ඒ නිසා මුල්ලිවියක්කාල් යුද සැමරුම වෙනුවෙන් සහභාගී වන පිරිස් සංවිධානයක් වශයෙන් පෙනී සිට ප්‍රතිඥාවක් දෙනවා. යුද්දයේදී මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රීලංකා රජයට හෝ එක්සත් ජාතීන්නගේ සංවිධානයට මෙතෙක් හැකිවෙලා නැහැ. එම නිසා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත යුතුයි" යනුවෙනි.