Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ශරියා විශ්ව විද්‍යාලය වහාම රජයට පවරා ගන්න" විපක්ෂ නායක මහින්දගෙන් ප්‍රකාශයක්.!

2015Views

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා විසින් වෘත්තීය පුහුණු ආයතනයක් වෙනස් කරමින් ඉදි කළ මඩකලපුව ශරියා විද්‍යාලය පසුගිය දිනවල කතාබහට ලක්වුනා.

මෙරට ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වෙමින් අන්තවාදී ඉගැන්වීම් සිදු කිරීමට නියමිත යැයි චෝදනා එල්ල වන මෙම ශරියා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින (18) මාධ්‍යයට සිය මතය ප්‍රකාශ කළා.

වෙසක් පුර පොහෝ දිනය නිමිත්තෙන් කැළණිය රජ මහා විහාරය වැද පුදා ගැනීමට ගොස් සිටි විපක්ෂ නායකවරයා මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කියා සිටියා. එහිදි මාධ්‍යවේදියා මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය නියාමනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ මතය විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ කළ යුත්තේ මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය නියාමනය කිරීම නොව, රජයට පවරා ගැනීම බවයි.

YOU MAY ALSO LIKE