Tuesday, September 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"සෑම තරගයක්ම පැරදුනත් ලක්ෂ 175ක්" මෙවර ලෝක කුසලාන‍යේදී ඉතිහාසයෙේ වැඩිම තෑගී මුදල බෙදා දීමට සුදානම්!

7050Views

ඉතිහාසයේ අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක ශූරයන්ට ලබා දෙන ඉහළම මුදල් ත්‍යාගය මෙවර ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් බෙදා දීමට සුදානම් වනවා.

මේ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 4ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය සුදානම් වේ. මෙය එදා මෙදා තුර අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ පිරිනැමෙන ඉහළම ත්‍යාග මුදල වන අතර ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 70ක් පමණ මුදලකි.

පසුගිය 2015 වසරේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වූ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට හිමිවූ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3.75 කි. 

මෙවර තරගාවලිය පුරා කණ්ඩායම් අතර බෙදා දීමට නියමිත මුළු ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10ක් වන අතර එහිදී අනු ශූරතාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක්ද, අවසන් පූර්ව තරගවලදී පරාජය වන කණ්ඩායම් සඳහා ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 8 ක් බැගින්ද මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.

තරගාවලියේ එකම තරගයක් හෝ ජයගැනීමට අපොහොසත් වන කණ්ඩායමකට ඩොලර් ලක්‍ෂයක් (රුපියල් ලක්‍ෂ 175 ක්) හිමිවේ. ඊට අමතරව මූලික  වටයේ තරගයක් ජයගන්නා සෑම කණ්ඩායමකටම ඩොලර් 40,000 ක් (රුපියල් ලක්‍ෂ 70 ක්) බැගින් ත්‍යාග මුදල් ලබා දීමට තීරණය කර තිබේ.

ලෝක කුසලාන තරගාවලිය එලබෙන 30 වෙනිදා ආරම්භ වීමට නියමිතය.