Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"අද රට ගැන හිතනකොට දුක හිතෙනවා" අද රට ගැන හිටපු යුද හමුදාපතිගේ කලකිරීම එළියට.!

6068Views

ලොව භයානකම ත්‍රස්තවාදය යැයි නම් දරා තිබූ එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදයෙන් දේශය මුදාගෙන රටට සාමය ලබා දීමට වීරෝධාර රණවිරුවන් මීට දශයකට පෙර සමත් වුනා.

කෙසේ වෙතත් තමන් ඇතුලු රණවිරුවන් දිවි කැප කරමින් රටට උදාකර දුන් නිදහස වර්තමානයේ යළි ගිලිහීම පිළිබඳ කණගාටුවක් ඇති වන බව හිටපු ජ්‍යේෂ්ඨ හමුදා නිළධාරියෙක් පවසනවා. ඒ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාය.

අභීත රණවිරුවන් සමරන අද (19) දිනයේදී නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු යුද හමුදාපතිවරයා 

"වසර 10 අවසානය ගැන හිතනකොට දුක හිතෙනවා. අද අපේ රටේ ජාතික ආරක්ෂාවත් බොහොම පහළ තත්ත්වයක තියෙන්නේ." යනුවෙන්ද ප්‍රකාශ කළා.
 

YOU MAY ALSO LIKE