Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පාර්ලිමේන්තුවේ සේවය කළ සහරාන්ගේ ප්‍රබල ගෝලයෙකු අත්අංඩගුවට - ත්‍රස්ත කල්ලියේ වැදගත් තොරතුරු රැසක් හෙළිවන ලකුණු

4084Views

ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවට පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පාර්ලිමේන්තු සේවකයා අත්අඩංගුවට ගනු ලැබුවේ කුරුණෑගල විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි. ජමාල් ඩී. ජවුශාඩ් නමැති අදාළ භාෂා පරිවර්තක නිලධාරියා වසර 10කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කර තිබේ.මොහු මහනුවර අලවතුගොඩ මාවතුපොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සැකකරු මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමකට අද  (20)  ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලැබී තිබේ.

සැකකාර පාර්ලිමේන්තු නිලධාරියා පාර්ලිමේන්තු සේවයේ යෙදී සිටියදීම ජාතික තව්හීත් ජමාත් ත්‍රස්තවාදී  සංවිධානය සමග එහි ප්‍රබල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

සැකකරු පාර්ලිමේන්තු රැකියාවට යාම සඳහා තාවකාලිකව නවාතැන් ගෙන සිටි රාජගිරියේ නවාතැන්පොළක් සහ අලවතුගොඩ පදිංචි නිවෙස පරීක්ෂාවට ලක් කිරීමේදි තව්හීත් ජමාත්  සංවිධානයේ කටයුතු සඳහා සම්බන්ධ ලිපි ලේඛණ රැසක්ද හමුවූ බව පොලිසිය පවසයි.

සැකකරු රැකියාවේ නිරතව සිටියදීම ත්‍රස්ත නායක සහරාන් සමග එක්ව එම සංවිධානය ප්‍රවර්ධනය කිරීමෙහි නිරතව සිට ඇතැයි ද අකුරණ සහ ඒ අවට පෙදෙස් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු අලවතුගොඩ පිහිටි ඔහුගේ නිවසේ සිට මෙහෙයවා ඇතැයිද මේවනවිට අනාවරණය වී තිබේ.

මෙම ත්‍රස්තවාදී සංවිධානය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිනොවූ වැදගත් තොරතුරු රැසක්ම ඔහුගෙන්  ප්‍රශ්න කිරීමේදි ඉදිරියේදී අනාවරණය කරගත හැකිවනු ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළේය.
 

YOU MAY ALSO LIKE