Tuesday, September 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඇමති රිෂාඩ්ගේ සහෝදරයා බලය අතට ගනියි - ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට තර්ජන.!

8541Views

ගොඩවැලි විකිණීමේ නිරත පුද්ගලයෙකුට එම කටයුතු නතර කරන්නැයි මන්නාරම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මුජායල් බදුදියුදීන් විසින් තර්ජනය කර ඇතැයි වාර්තා වෙනවා. තර්ජනයට ලක්වූ ව්‍යාපාරිකයා මන්නාරම පොලිසියේ පැමිණිල්ලක් කිරීමටද කටයුතු කර තිබේ. මන්නාරම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මුජායල් බදුදියුදීන් යනු කැබිනට් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකි.

තම බල ප‍්‍රදේශයේ ගොඩවැලි විකිණීමට අදාළ කටයුතු සඳහා තමාගේ අවසරය ලබා ගත යුතු බවත් එසේ අවසරයක් නොමැතිව සිදුකරන මෙම කටයුත්ත වහා නතර කරන ලෙසත් පැමිණිලිකරුට ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් තර්ජනය කරනු ලැබ ඇතැයි සඳහන්.

කෙසේ වෙතත් මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වන භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා පවසන්නේ  පෞද්ගලික ඉඩමක සිදුකරගෙන යන එම කාර්යයට අත පෙවීමට ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාට බලයක් නැති බවය.

එහිදී තවදුරටත් අදහස් දක්වන භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා

"අපේ ආයතනය රජයේ පිළිගත් නීති රීතිවලට අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි නිකුත් කරන බලපත‍්‍රයට අභියෝග කරන්න ඔහුට අයිතියක් නැහැ. ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාට මේ ගැන දැනුවත් කරමින් ලිපියක් යැවීමට කටයුතු කරනවා. අපගේ කාර්යයන්ට බාධා කරන්න ඔහුට ඇති බලය කුමක්ද යන්න ප‍්‍රහේළිකාවක්" යනුවෙන් අදහස් දක්වා තිබුණා.