Tuesday, September 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඥාණසාර හිමියන්ට මේ සතිය ඇතුලත ජනපති සමාව ?

2818Views

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඉදිරි සතිය තුළ ජනපති සමාව හිමි වී නිදහස හිමිවනු ඇතැයි බොදුබල සේනා සංවිධානය විශ්වාසය පළ කරනවා.

ඒ පිළිබඳව අදහස් දක්වන එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් මේ බව සඳහන් කරනවා.

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම සඳහා ජනාධිපති කාර්යාලය තුළ ලිපි ලේඛන සකස් වන බවට නිල නොලත් තොරතුරු ඇති බවත් වැඩිදුරටත් මාධ්‍යයට අදහස් දක්වමින් ඒ හිමියන් කියා සිටියා.