Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි - ආරක්ෂාව ගැන සොයන්න මහින්දත් පාසල් යයි (PHOTOS)

2999Views

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ කොළඹ හා ඒ අවට පාසල්වලට ගොස් පාසල් ළමුන්,ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ  අදහස් හුවමාරු කර ගත්තා. ඒ අනුව විපක්ෂ නායකවරයා තර්ස්ටන්, රාජකීය, විශාකා,හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල් වෙත ගොස්  පාසල් හා ඒ අවට ආරක්‍ෂක තත්වයන් සොයා බැලීමට කටයුතු කළා.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්, විපක්‍ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියා.

මේ අතර තම තමන්ගේ මැතිවරණ කොට්ඨාසවල පිහිටි පාසල් වලට ගොස් අද (21දා) දිනයේදී පාසල් වල ආරක්‍ෂක තත්ත්වයන් සොයා බලා පාසල් වලට ළමුන් පැමිණීම සඳහා දිරිගැවීමට කටයුතු කරන ලෙස  විපක්‍ෂ නායකවරයා විසින් විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් පාලන නියෝජිතයින්ට උපදෙස් ලබා දී තිබුනා.

එසේම අද (21) දිනයේ පාසල්වලට සිසු සිසුවියන්ගේ පැමිණීම ඉහළ අගයක් ගෙන ඇති බවත්, පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වුනු බවත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුනා.

YOU MAY ALSO LIKE