Tuesday, September 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු භාෂා පරිවර්තක නෞෂාඩ් ජමාල්ඩින් පාර්ලිමේන්තුවට රැගෙන එයි (VIDEO)

6420Views

කුරුණෑගල අලකොලදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ පුහුණු කඳවුරක් සම්බන්ධයෙන් සිදුකරනු ලැබු පොලිස් විමර්ශනයකදී අත්අඩංගුවට ගත් තව්හිත් ජමාත් සංවිධානය සමග සම්බන්ධකම් පවත්වනු ලැබූ බව කියන පාර්ලිමේන්තු භාෂා පරිවර්තක නෞෂාඩ් ජමාල්ඩින් නැමැත්තාව පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙනවිත් ඇති බව වාර්තා වනවා.

ඔහුගේ කාර්යාලය පරික්ෂා කිරීම සදහා ඔහු මෙලෙස රැගෙනවිත් ඇති බව වාර්තා වන අතර මෙම සැකකරු මාස තුනක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සදහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විට අවසර ලබාදී ඇති බවයි වාර්තා වුනේ.