Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පණිවුඩ හුවමාරු කරගත් තාක්ෂණය ගැන හෙළිවෙයි...!

12434Views

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පණිවුඩ හුවමාරු කරගෙන ඇත්තේ ‘ත‍්‍රිමාර්’ ඇප් නමැති පණිවුඩ හුවමාරුකර ගැනීමේ තාක්‍ෂණය ඔස්සේ බවට තොරතුරු වාර්තා වනවා.ස්විට්සටර්ලන්තයේ සිට ක‍්‍රියාත්මක වන මෙම සේවාව හරහා යවනු ලබන පණිවිඩ, පණිවිඩය යවන්නාට සහ ලබන්නාට පමණක් දැකගත හැකි බවයි  හමුදා බුද්ධි අංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

සිරියාවේ සහ ඉරාකයේ ISIS ත‍්‍රස්ත සංවිධානය මෙම ත‍්‍රිමාර් ක‍්‍රමය භාවිත කරන බව සඳහන් වනවා.

කෙසේ වෙතත් ස්විස්ටර්ලන්තයේ සූරිච් නුවර සිට ක‍්‍රියාත්මක වන ත‍්‍රිමාර් සමාගමේ ප‍්‍රකාශකයෙකු සඳහන් කර තිබුනේ අදාළ සේවාව ස්විස් නීතිමත ක‍්‍රියාත්මක වන බවයි.
 

YOU MAY ALSO LIKE