Tuesday, September 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අතුරුදහන් වූ 14 හැවිරිදි දැරිය සොයා ගන්න මවුපියෝ සහය ඉල්ලයි..! දැරිය සමඟ දැරියගේ මිතුරියගේ පියෙකුත් අතුරුදහන් වෙලා (PHOTO)

12232Views

වැල්ලව, කිරිඳිවැල්මඩ ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ඇති බවට ඇයගේ මවුපියන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. 

සකුන්තලා සෙව්වන්දි නමැති මෙම දැරිය පාසලේ  9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි බවත්, පසුගිය අපේ‍්‍රල් 16 වනදා රාති‍්‍ර නින්දට ගොස් පසුදින බලන විට දැරිය අතුරුදන්ව ඇති බවත් දෙමාපියන් පවසනවා. දැරිය පිළිබඳව ප‍්‍රදේශය පුරාම සොයා බැලුවද මේ දක්වා කිසිදු තොරතුරක් ලැබී නැහැ.

මේ අතර දැරියගේ 12 හැවිරිදි මිතුරියකගේ පියෙකුද මේ සමගම අතුරුදන්ව ඇති බවත් ඔහු දැරිය පැහැරගෙන ඇතැයි සැක කරන බවත් දැරියගේ මවුපියන් ප්‍රකාශ කරනවා
 
සිය දියණිය සොයා ගැනීමට මේ වන විට දෙමවුපියන් දැඩි උත්සාහයක යෙදෙන අතර දැරිය පිළිබඳව යම් හෝඩුවාවක් හෝ තොරතුරක් දන්නේ නම් වැල්ලව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ 037-2235101 දුරකථනයට හෝ ළඟම ඇති පොලිසියට දන්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

girl1