Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘ මාවත් ඉක්මනට ඔයාලගෙ ලඟට ගන්න ඔයාලව බලා ගන්න‘‘ දරුවන් තිදෙනාත් බිරිඳත් අහිමි වූ පියා සොහොන් කොතේ තැබූ සංවේදී සටහන (PHOTOS)

7484Views

පාස්කු ඉරිදා ප්‍රහාරය අපට ඉතිරි කළේ අමිහිරි සංවේදී මතකයන් එකතුවක් පමණයි. ඒ අතුරින් කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයේදී තම බිරිඳ සහ දරුවන් සියළු දෙනාම අහිමිවුනු පියෙකු සොහොන් කොතේ තබා තිබූ සංවේදී  සටහනක් බොහෝ දෙනාගේ දෑස් වලට කඳුලක් එක්කර තිබෙනවා.

මීගමුව රාජපක්ෂ උද්‍යානයේ මුරකරුවෙකු ලෙස සේවය කරන ප්‍රදීප් සුසන්ත නමැති ඔහු සිය බිරිඳ සහ දරුවන් වෙනුවෙන් මෙලස සටහනක් තබා තිබුණා.

‘‘චූටි පුතේ, චූටි දුවේ, ලොකු දූ, ඔයාලා තනි නෑ. ඔයාලගෙ අම්මා ඔයාලා ලඟ ඉන්නවා.

නෝනා, ඔයා තනා නෑ ඔයාගෙ අයියා, අයියගෙ ළමයි දෙන්නා ඔයා ළඟ ඉන්නවා.

මම අද හොඳටම තනිවෙලා. මට මැරෙන එක සැපයි මැරි මැරී ජීවත් වෙනවට වඩා. මට ඔයාලගෙන් තොර ලෝකයක් නෑ. මාවත් ඉක්මනට ඔයාලගෙ ලඟට ගන්න ඔයාලව බලා ගන්න.

නෝනා, මෙයට ඔයාගෙම සුසන්ත

ලොකු දූ, පොඩි දූ, චූටි පුතා මේ ඔයාලගෙම තාත්තා සුසන්ත‘‘

මේ අතර ප්‍රහාරය සිදුවූ ස්ථානයේදීම සුසන්තගේ දරුවන් සියළු දෙනා මියගොස් තිබූ අතර ඔහුගේ බිරිඳ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදිමින් සිටියදී මීගමුව රෝහලට ගෙනවිත් තිබෙනවා. කෙසේ නමුත් ඒ වන විටත් අවට රෝහල් සියල්ල රෝගීන්ගෙන් පිරී තිබුනු නිසා ඇය කරාපිටිය රෝහලට යැවීමට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ගැන සුසන්ත මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ මෙවැනි අදහසක්.

‘‘8.40 ට බෝම්බ බ්ලාස්ට් එකක් වෙලා 9 ට ඉස්පිරිතාලෙන් පටවපු ලෙඩා ගාල්ල කරාපිටිය රෝහලේ හැන්දෑවෙ 3.30 වෙනකම්... දුප්පත්කම හින්දා වෙන්න ඇති නේ...? රෝහලේදි කිවුවා දැන් ඉතිං පුතා අපිට බාර දීලානෙ තියෙන්නෙ, ඔයා යන්න කියලා‘‘

පසුදින සුසන්ත තම මිතුරන් සමඟ ජීවත්ව සිටින බිරිඳගේ සුවදුක් විමසීම සඳහා ගාල්ල කරාපිටිය රෝහලට පැමිණියද ඒ වන විටත් ඔහුගේ බිරිඳ මෙලොව හැරගොස් තිබුනා.

 

 

YOU MAY ALSO LIKE