Tuesday, September 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"බදියුදීන්, හිස්බුල්ලා සහ අසාද් සාලී ඉවත් කරන්න සංඝ රත්නය පෙරමුණ ගනියි" ජාතික සංඝ සම්මේලනයෙන් සත්‍යග්‍රහයක්.!

2756Views

ඉස්ලාම් අන්තවාදයට සිය දේශපාලන බලය උපයෝගී කර ගනිමින් අනුග්‍රහය ලබා දුන්නා යැයි චෝදනා එල්ල වී ඇති රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ජාතික සංඝ සම්මේලනය ඊයේ (22 දා) කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී සත්‍යග‍්‍රහයක නිරත වූහ. 

ඉන්පසුව ජාතික සංඝ සම්මේලනය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පෙත්සමක් භාරදීම සඳහා පාගමනකින් වැඩම කළහ. 

මෙම අවස්ථාවට ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය රජවත්තේ වප්ප හිමියන්, ලේකම් පූජ්‍ය කට්ටකඩුවේ සුමනරතන හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් යන හිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය සහභාගී වූහ.