Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සිසේරියන් සැත්කම් 8000 ක්‌ කළ බව පිළිගනියි - සැක සහිත ආකාරයට වත්කම් ඉපැයූ වෛද්‍යවරයා අත්අඩංගුවට...!

13517Views

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තවුහීද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු බවට සැකකරන වෛද්‍යවරයකු පිළිබඳ දිවයින පුවත්පත මඟින් අනාවරණය කිරීමත් සමඟ රට පුරා ඒ පිළිබඳ පුළුල් කතාබහක් ඇති වුනා.

ඒ අනුව අදාළ වාර්තා මගින් චෝදනා ලැබ සිටිනවා යැයි කියන සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි නමැකි වෛද්‍යවරයා  ඊයේ (24) රාත්‍රියේදි කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැක සහිත ආකාරයට වත්කම් උපයා ගනු ලැබු බව කියන තොරතුරකට අනුව කුරුණෑගල පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලව එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර වඳ සැත්කම් කළ බවට සහ ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කරමින් රෝහලේ අලුත උපන් දරුවන් විකිණීම මෙන්ම ඉතා කෙටි කාලයක්‌ තුළ අසීමිත ආකාරයට මුදල් ඉපැයූ බවට මෙම වෛද්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බවයි එම පුවත්පත වාර්තා කර තිබුණේ.‍

එසේම සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි නමැති සැකකාර වෛදවරයා විසින් තමන් සිසේරියන් සැත්කම් අට දහසක්‌ සිදුකර ඇති බව කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂකවරයා ඉදිරියේ පිළිගෙන ඇති බවත්,  වඳ සැත්කම් පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළි කිරීමෙන් පසු තම ජීවිතයට තර්ජනයක්‌ එල්ල වී ඇති බව පවසමින් තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාට දැනුම් දී ඇති බවත්, එම පුවත්පත ඔස්සේ වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

එසේම මෙම වෛද්‍යවරයා විසින් සැත්කම් සිදුකළ කාන්තාවන් ⁣ගෙන්වා ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර වඳ භාවයට පත්කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අද (25) සිටම ආරම්භ කරන බවද රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරනවා

මේ අතර සැකකාර වෛද්‍යවරයා 2015 මහා මැතිවරණයේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත්වී තිබුනා.

 

 

 


 

YOU MAY ALSO LIKE