Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වඳ සැත්කම් චෝදනා ලැබු වෛද්‍යවරයා ගැන විමර්ශනයක් අරඹයි - සැත්කම් වලින් හානියක් සිදුවූ බවට සැකනම් දැනුම් දෙන්නැයි ඉල්ලීමක්

4223Views

වඳ සැත්කම් සිදුකල බවට චෝදනා එල්ලවි තිබෙන සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි නම්  වෛද්‍යවරයා විසින් කරන ලද සිසේරියන්  සැත්කම් සහ නාරිවේද සැත්කම් වලින් තමන්ට කිසියම් ශාරීරික හානියක් සිදුවූයේ යැයි සැකකරන කාන්තාවන් සිටීනම් වහා පැමිණ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන ලෙස රෝහල් බළධාරීන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේම අදාල වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000ක් පමණ සිදුකළ බවට පිලි ගෙන ඇති බවත්, එම සැත්කම් වලින් 4000 ක් පමණ වඳ සැත්කම් බවට චෝදනා එල්ල වී ඇති බවත් කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සදහන් කරනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරමින් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙලෙස ප්‍රකාශ කළා.

"ඔය කියන වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000ක් පමණ සිදුකරපු බවට පිලි අරන් තියෙනවා. ඒ වගේම ඒ සැත්කම් වලින් 4000ක් විතර ඔහු වඳ සැත්කම් කලා කියලා චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි ඒ ගැන විමර්ශනයක් සිදුකරනවා. ඊට අමතරව මේ වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේදි අලුත උපන් දරුවෙක්ව වෙනත් පවුලකට ලබාදිලා තියෙනවා. ඒ දරුවා බිහිකරපු මවගේ කැමත්ත මත. හැබැයි එහෙම කරලා තියෙන්නේ දරුවගේ නම වෙනස් කරලා. අපි ඒ ගැන විමර්ශනයක් සිදුකලා. ඒ වාර්තාව මේ වෙන කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරලා තියෙන්නෙ" 

 

YOU MAY ALSO LIKE