Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සැමියා සමඟ දියණියන් සිවු දෙනෙකු තනිකර මව හදිසි අනතුරකින් මිය යයි..! අසරණ වූ පියාගෙන් සංවේදී ඉල්ලීමක් (PHOTOS)

5751Views

දියණියන් හතර දෙනෙකු සැමියාට දායාද කොට හදිසි අනතුරකින් මව මිය යෑම හේතුවෙන් සැමියාත් කුඩා දියණියන් හතර දෙනාත්  දැඩි අසීරුතාවයකට පත්ව සිටින පවුලක් ගලේවෙල ගල්බොක්කයාය දේවහුව ප්‍රදේශයේ දී අපට හමුවුනා.

ධම්මික මංජුල සුබසිංහ 38 හැවිරිදි සිවුදරු පියා   දියණියන් හතර දෙනා ජීවත් කරවීම සඳහා දැඩි වෙහෙසක් දරමින් සිටින අතර කුඩාම දියණිය මාස හයක  වයසේ පසු වෙද්දී ධම්මික  මංජුලගේ ආදරණීය බිරිඳ වසන්තා කුමාරි  34 හැවිරිදි මව හදිසියේ හිසේ නහරයක් පුපුරා යෑමෙන් මිය ගොස් තිබෙනවා.

 බිරිඳගේ නිවසේ පදිංචිව  සිටි පියාටත් දියණියන් හතර දෙනාටත් සිදුවූයේ සිය බිරිද මිය ගොස් හත් දවසේ දානය දෙනවත් සමඟ ඔවුන්ටද එම නිවසින් එලියට  බැසීමටය.පසුව ගලේවෙල ගල්බොක්කයාය  ප්‍රදේශවාසීන් එක්ව ප්‍රාදේශීය සභාවේ ද සහයෝගය ඇතිව කුඩා කාමර දෙකක් තනාදී  මෙම දරුවන් පදිංචි කරවීම සිදුකර තිබෙනවා.

පවුලේ  වැඩිමහල් දියණිය තවමත් දාහතර වැනි වියේ පසුවන අතර අනෙකුත් දැරියන් තිදෙනා 12, 06 වියේ පසුවන අතර කුඩා දැරිය තවමත් මාස 12 ක කුඩා දියණියක්.

වකුගඩු රෝගයෙන් පෙලෙන පියා දරුවන් ජීවත් කරවීම සඳහා විවිධාකාර උත්සාහයක් දැරුවද මේ දිනවල එක අතක් පිලිස්සියාම  නිසා  ඔහු තවත් දුකට පත් වී සිටිනවා.

පියාගේ මෙන්ම බාල නැගණියන් ගේ බොහෝ කටයුතු 10 වසරේ ඉගෙනුම ලබන දිල්ශානි මංජුලා වැඩිමහල් දියණිය විසින් සිදුකරන අතර ඇය සිය මවගේන්  විය යුතු බොහෝ දේ නැගණියන් ට සිදු කරනවා. 

විදුලි බලය නොමැති ව කුප්පි ලාම්පුවේ එළිය දකින මෙම පැටවුන් හට ආරක්ෂිතව ජිවත් වීමට  ප්‍රමාණවත් නිවස නොමැත. නොතෙමි ඉන්නට කාමර දෙකක් ඇතත් එහි ආරක්ෂාව පිළිබඳව ඇත්තේ ප්‍රශ්නයකි. එමෙන්ම තවමත් වැසිකිලියක් හෝ තනා ගැනීමට තරම් වත්කමක් ඔවුන්ට නොමැත.

ඔවුන්ගේ එකම ඉල්ලීම බවට පත්ව ඇත්තේ ඔවුන්ට ඇඳුම් පැළඳුම් ටිකක් නිවසට විදුලි බලය සහ වැසිකිළිය අදත් නිමවා නැති අතර  අනාරක්ෂිත   කුඩා කාමර දෙක  ආරක්ෂිතව ඉදිකර ගැනීම පමණකි.

සුරා සූදුවෙන් තොරව ජීවත් වෙන මෙම පියා දරුවන්ට අප්පච්චි මෙන්ම මවද වේ. කුඩා දියණිය මෙන්ම තුන්වැනි දියණිය ද තවමත් නිදන්නේ අප්පච්චිගේ තුරුලේය . ඔහු දැඩි දරු සෙනෙහස කින් යුතුව දෑස්වල කඳුළු  පුරවාගෙන  කියා සිටියේ වර්තමාන සමාජයේ තත්ත්වය නිසා දියණියන් හතර දෙනා නිවසේ දමා පිටත්ව යෑමට   සිත් නොදෙන බවය.

 වැඩකට  ගිය ද නිතර නිතර තමන්ගේ පපුව පිච්චි පිච්චි ඉන්න බව ඔහු හඬා වැටෙමින් අප සමග පැවසිය .

 කාගේ  හෝ සහයෝගයක්  මෙම පවුලට ලබාදීමට කැමැත්තක් දක්වන්නේනම් ඔවුන්ගේ ලිපිනය  එස් .ඒ . ධම්මික මංජුල සුබසිංහ, ගල්බොක්කයාය'දේවහුව .   සම්බන්ධ කර ගැනීම සඳහා දුරකථනය  071  0702944 ඔවුන්ගේ ගිණුම් අංකය ජාතික ඉතිරි කිරීමේ බැංකුව දඹුල්ල ශාඛාව 1 0103 01 4834 2


 


 

YOU MAY ALSO LIKE