Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පරීක්ෂණ වලින් පසු කුරුණෑගල වෛද්‍යවරයා නිදහස් කරන්නැයි ඇමති හලීම් ජනපතිගෙන් ඉල්ලයි - වෛද්‍යවරයාගේ වෙනත් ව්‍යාපාර ගැනත් තොරතුරු හෙළිවෙයි

8503Views

සැක සහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා පරීක්ෂණ සිදු කර මුදා හරින ලෙස අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මුස්ලිම් මැති ඇමතිවරු පිරිසක් ඊයේ (25) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එහිදී අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළේ ‘‘එතුමත් එතුමාගේ බිරිඳත් වෛද්‍යවරු, ඒ වගේම ඒ අය දොස්තර වෘත්තියට වඩා වෙනත් බිස්නසුත් කරන අය. ඒ නිසා ඒ අයට මුදල් උපයා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පරී්ෂාවක් කරලා වහාම නිදහස් කරන්න‘‘ යනුවෙන්.

මේ අතර සැකකාර වෛද්‍යවරයා විදේශ රැකියා නියෝජිත ආයතන හරහා විදෙස් ගතවන පුද්ගලයින්ට වෛද්‍ය සහතික ලබා දී ඇති බවටද  තොරතුරු වාර්තා වී ඇති අතර ඔහුට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයක එම කටයුතු සිදු කර තිබෙනවා.

එසේම සැකකාර වෛද්‍යවරයා කොන්ත‍්‍රාත් පදනම මත මාර්ග ඉදිකිරීම් සහ නඩත්තුව ද සිදු කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

YOU MAY ALSO LIKE