Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ගෝඨා විය හැකියි" රටම බලා සිටි පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා ගැන බැසිල්ගෙන් ඉඟියක්.!

2964Views

එලබෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විය හැකි යැයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග පවත්වන ලද සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ජනතාව විසින් ඉල්ලා සිටිනා සුදුස්සා ඉදිරිපත් කිරීමට සිය පක්ෂය සුදානම් බවයි.

ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වෙනු ඇතැයි උපකල්පනය කළ හැකි බවද කී බැසිල් රාජපක්‍ෂ මහතා මීට පෙරද මැතිවරණ පවත්වන බවට කොමිසම විසින් සදහන් කර ඇති බවද කියා සිටියා.
 

YOU MAY ALSO LIKE