Tuesday, September 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ඉන්දියාවත්, පාකිස්තානයත් තරගයට එකිනෙකාට අපහාස කර ගනියි" ලෝක කුසලානයට පෙර දෙරටේ මාධ්‍ය අතර සටන ඇරඹේ.! (VIDEO)

16050Views

ඕනෑම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක වඩාත්ම අවදානය දිනා ගන්නා තරගයක් වන්නේ ඉන්දු - පාකිස්තාන ගැටුමයි. 

ඒ මෙම කණ්ඩායම් දෙක අතර පවතින දේශපාලන වෛරය නොයෙකුත් අන්දමින් ක්‍රීඩා පිටියටද පැමිණීම හේතුවෙනි. එම නිසාම ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරග ක්‍රීඩා පිටියේදීත් ඉන් පිටතදීත් දැඩි උණුසුම් ස්වභාවයක් ගන්නවා.

මේ අතර 2019 ලෝක කුසලානයේ ඉන්දු - පාකිස්තාන ගැටුමද දැනටමත් දැඩි ලෙස කතාබහට ලක්වන තරගයක් වී අවසන්. ඒ දෙරටේ මාධ්‍ය විසින් තරගයට පෙර නිපදවන වෙළඳ දැන්වීම් වලින් සිය ප්‍රතිවාදියා දැඩි ලෙස සරදමට ලක් කිරීම හේතුවෙනි.

ඉන්දියානු මාධ්‍ය විසින් සෑදු පූර්ව ප්‍රචාරක දැන්වීමක පාකිස්තානය හා බංග්ලාදේශය සමච්චලයට ලක් කර තිබෙන්නේ බංග්ලාදේශයේ සහ පාකිස්තානයේ පියා ඉන්දියාව බව කියමින්.

පාකිස්තාන මාධ්‍ය විසින් නිපදවූ වෙළඳ දැන්වීමක් දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙන්නේ එම වෙළඳ දැන්වීමෙන් මෑතකදී පාකිස්තාන අත්අඩංගුවට පත්වූ ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා නියමුවා අපහාසයට ලක් කර තිබීම නිසයි.

මෙලෙසින් එම රටවල් විසින් ක්‍රීඩාවට දේශපාලනය මුසු කිරීම හේතුවෙන් ලෝක කුසලානයේ ඉන්දු - පාකිස්තාන තරගය දැනටමත් අතිශය අවදානයක් දිනාගෙන තිබේ.