Thursday, December 12, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඕස්ට්‍රේලියාව සමගින් ශ්‍රී ලංකාව අද තරග බිමට - අද තරගයටත් වේග පන්දු තනතීරූවක්.!

1377Views

ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරගය අද පැවැත්වෙනවා. 

ඒ, ලන්ඩන්යේ කෙනින්ටන් ඕවල් කී‍්‍රඩාංගණයේදීයි. තරගය පැවැත්වීම සදහා සුදුසු කාලගුණ තත්ත්වයක් මේ වනවිට එහි පවතිනවා. අද තරගයද වේග පන්දු යවන්නන්ට උචිත තනතීරුවක පැවැත්වීම විශේෂයි.  ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව ලෝක කුසලාන තරගවලදී අවස්ථා නවයකදී එකිනෙකා හමුවී තිබෙනවා. 

ඉන් තරග 7 ක් ජය ගෙන ඇත්තේ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමයි. ශී‍්‍ර ලංකාව එක් තරගයක් ජයගෙන තිබෙනවා. ඒ, 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයයි. 

ශී‍්‍ර ලංකාව මෙවර තරගාවලියේ මේ දක්වා තරග 4කට සහභාගි වී එක් තරගයක් ජය ගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටිනවා. තවත් තරග දෙකක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා. ඒ අනුව ශී‍්‍ර ලංකාව ප‍්‍රසාද ලකුණු 4 ක් හිමි කර ගෙන එම ලකුණු සටහනේ 5 වන ස්ථානයේ රැදී සිටිනවා.  

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තරග 4 කට සහභාගි වී තරග 3 ක් ජයගෙන ඇති අතර එක් තරගයකින් පරාජයට පත් වුණා. ප‍්‍රසාද ලකුණු 6 ක් සමග ඔවුන් එම ලකුණු සටහනේ 3 වන ස්ථානයේ රැදී සිටිනවා.