Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රී ලාංකිකයන්ගේ සහජීවනය ලොවට පෙන්වමින් වව්නියාවේ පැවැත්වුනු ‘‘සහජීවනයේ දන්සල‘‘ (PHOTOS)

2634Views

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සම්බුද්ධ දර්ශනය රැගෙන ලක්දිවට වැඩම වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුන පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදට (16) යෙදි තිබෙනවා. ඒ අනුව අද දිනයේදී අනුරාධපුරය සහ මිහින්තලය ඇතුළු පූජා නගර කේන්ද්‍රකර ගනිමින් දහස් ගණන් සැදැහැවතුන් ආමිෂ හා ප්‍රතිපත්ති  පූජාවන්හි නිරත වෙනවා.

එසේම දිවයින පුරා සෑම වෙහෙර විහාරස්ථානයක් ආශ්‍රිතවම දාන, ශීල, භාවනා වැඩසටහන් සහ දන්සැල්, බැති ගී ප්‍රසංග ඇතුළු බෞද්ධ ආගමික අංග රැසක් සංවිධානය කර තිබෙනවා. 

මේ අතර අද ජාතීන් අතර සහජීවනය වර්ධනය කරමින් වවුනියාව,නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය සංවිධානය කළ ‘‘සහජීවනයේ දන්සල‘‘  අද(16) උදැසන වවුනියාව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක සකිලා බානු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.

එම කාර්යාලයේ සේවයේ නියුතු සිංහල,මුස්ලිම් හා හින්දු ජනතාව එක්ම මෙම දන්සල සංවිධානය කර තිබුණා.