Tuesday, September 29, 2020
/ - General line - 0115112241 | - [email protected]

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අවසන් ගමන් යයි - අත්අඩංගුවට ගැනීමට පෙර අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ගිලලා

2967Views

කොළඹ අපරාධ කොට්ඨාශය විසින්  ඊයේ (15) සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකදී අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරුවෙකු  සිරමැදිරියේ රඳවා සිටියදී ඇතිවු අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. 

38 හැවිරිදි මෙම සැකකරු වැල්ලම්පිටිය නාගහමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාශයේ සිරමැදිරියේ රඳවා සිටියදී රෝගාතුර වී ඇති අතර ඒ අනුවයි ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුනේ.

මේ අතර අදාළ  සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර තමා සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකැට්ටුවක් ගිල දැමූ බවද පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.