Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බිරිඳ ඝාතනය කරන්න සැමියාගෙන් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් - කොන්ත්‍රාත්තුව ගත් කාන්තාව සහ තවත් අයෙක් කොටුවෙයි

3973Views

තම බිරිඳ ඝාතනය කිරීම සඳහා විදෙස්ගත සැමියෙකු  රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පුවතක් වාර්තා වනවා. මෙලෙස ඝාතනය කිරීමට සැළසුම් කර ඇත්තේ උණවටුන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි  පොලීසිය සඳහන් කළේ.

සිය සැමියා විසින් මෙම ඝාතනය සිදුකිරීමට අදාල කොන්ත්‍රාත්තුව පළාත් පාලන ආයතනයක මහජන සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස ද සේවය කරන බව කියන රත්ගම ප්‍රදේශයේ කාත්තාවකට ලබා දී ඇති අතර එම කාන්තාව සහ ඝාතනයට සූදානම්ව සිටි තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සිදුකරන ලද පරීක්ෂණ වලදී ඝාතනය කිරීමට සූදානම්ව සිටි කාන්තාවගේ සැමියා විසින් මෙම කොන්ත්‍රාත්තුව අදාළ කාන්තාවට ලබාදී ඇති බව අනාවරණය වී ඇති අතර කාන්තාවගේ සැමියා විදේස්ගතව රැකියාව කරමින් සිටින අතරතුර මෙම ඝාතනය සැළසුම් කර තිබෙනවා.