Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

තව්හීද් සාමාජිකයෙක් බේර ගන්න පොලීසියට අල්ලස් දුන් පුද්ගලයාට ඇප ලැබෙයි

902Views

අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ පණස් දහසක අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.‍

සැකකරු ඇප මත මුදාහරින ලෙස  ඔහුගේ නීතිඥවරයා පසුගිය නඩු දිනයේ අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ සැකකරු ඇප මත මුදාහැරීමට නියම කර තිබෙනවා. ඒ අනුව අදාළ සැකකරු රුපියල් 15000/- ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ හතර බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියම කර ඇත්තේ.

අදාළ පැමිණිල්ල සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමට නියම කර ඇති අතර එදින සැකකරුට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා