Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ලන්ඩන් කොටි නඩය ඉදිරියේ සිංහ කොඩි සමග තනියෙන්" ඩයස්පෝරාව ඉදිරියේ නැගී සිටි වීර ශ්‍රී ලාංකිකයා.!

8197Views

පසුගිය දිනවල මෙරට මාධ්‍යයන්ගේ සහ සමාජ මාධ්‍යයන්ගේ දැඩි ලෙස කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරදී ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩන් කොටි ඩයස්පෝරාව සිදු කළ ඩයස්පෝරාව විරෝධතාවයයි.

ඕවල් ක්‍රීඩා පිටිය ඉදිරිපිටට රැස් වූ කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාව සහ මෙරට ආරක්ෂක අංශයන්ට විරුද්ධ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූවා. 

මෙරට ජනතාව දැඩි ලෙස කතාබහට ලක්වූ සිදුවූ සිදුවීම සිදුවූයේ ඉන්පසුවයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිට එංගලන්තයේ ලෝක කුසලානයේ තරග නැරඹීමට පැමිණ සිටි ශ්‍රී ලංකා රසිකයන් කොටි ඩයස්පෝරාවේ විරෝධතාවය ඉදිරිපිටට රැස් වී පපරේ සංගීතය වාදනය කරමින් කොටි ඩයස්පෝරාවට අපූරු විරෝධයක් එල්ල කළා.

ශ්‍රී ලාංකිකයන්ගේ එම විරෝධතාවය ඉදිරියේ කොටි ඩයස්පෝරාව අතිශය කෝපයටත්, ලැජ්ජාවටත් පත් වී සිටිනුද ඉන්පසුව දැක ගත හැකි වූවා.

මෙහිදී මෙම විරෝධතාවයට පපරේ සංගීත කණ්ඩායමේ වාදකයෙක් ලෙස එක්වූ ශ්‍රී ලාංකිකයෙක් එම විරෝධතාවය පිළිබඳ තැබූ ෆේස්බුක් සටහනක් කතාබහට ලක්ව තිබේ. එහිදී මෙම විරෝධතාවය ඇරඹුනු අයුරු ඔහු විස්තර කර තිබේ.

කොටි ඩයස්පෝරාවේ පිරිස විසින් එක්වී මෙම විරෝධතාවය සිදු කරද්දී එක් ශ්‍රී ලාංකිකයෙක් ඔවුන් ඉදිරියට තනිව පැමිණ තමන් සතුව තිබූ සිංහ කොඩිද ප්‍රදර්ශනය කරමින් තනිව කොටි ඩයස්පෝරාවට එරෙහිව විරෝධතාවයේ නිරතව සිට තිබෙනවා.

මෙම අපූරු විරෝධතාවය පිළිබඳව එයට එක්වූ පපරේ සංගීත කණ්ඩායමේ සිටි ශ්‍රී ලාංකිකයෙක් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්,