Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ගැටලුව ඇත්තේ මැද පෙල පිතිකරුවන්ගේ" අසන්ත ද මෙල් පරාජයට හේතු කියයි.!

4705Views

ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාලම ගැටලුව බවට පත්ව තිබෙන්නේ කණ්ඩායමේ මැදපෙල ය.

මෙම මැද පෙළ පිතිකරුවන්ගේ ප‍්‍රශ්නය සමග ඔස්ටේ‍්‍රලියාව සමග ජය ගත හැකිව තිබූ තරගයේ වාසිය ගිලිහී ගිය බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකරු සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසනවා.

ඕස්ට්‍රේලියාව සමග තරගයෙන් පසුව අදහස් දක්වන අසන්ත ද මෙල් පැවසූවේ,

"අපිට ලෝක කුසලානට එනකොට තිබුණේ ආරම්භක පිතිකරුවන්ගේ ප‍්‍රශ්නය විතරයි. දැන් ආරම්භක පිතිකරුවන්ගේ ප‍්‍රශ්නයක් නැහැ ඔවුන් හොඳින් ක‍්‍රීඩා කරනවා. ප‍්‍රශ්නය තියෙන්නෙ මැද පෙළ පිතිකරුවන්ගෙයි. ඔවුන්ට ලකුණු ගහන්න බැරි අය නෙමෙයි නමුත් තරගයට ගියහම අවශ්‍ය වන මානසික ශක්තිය ඔවුන්ට නැහැ."

"අපේ මැද පෙළ ඉන්නේ අත්දැකීම් තියෙන පිතිකරුවන්. ප‍්‍රශ්නය තියෙන්නෙ ඔවුන් පසුගිය තරග කිහිපයේදීම ලකුණු අතර නොසිටි එකයි. පුහුණුවීම් හොඳට කරනවා. ඔස්ටේ‍්‍රලියාව සමග තරගයේදී තව ලකුණු 50 ක සබඳතා දෙකක් විතර ආවනම් අපි තරගය ජය ගන්නවා. අනෙත් එක තමයි අපේ පන්දු රැකීමත් හොඳ තැනක තිබුණෙ නැහැ. ඒ තරගයේදී ලකුණු 25 ක් විතර පන්දු රැකීමේ දුර්වලතාවයෙන් ඔස්ටේ‍්‍රලියාවට ලැබුණා. 

නුවන් ප‍්‍රදීප්ගේ අන්තිම ඕවර දෙකකට ලකුණු 40 ක් ගත්තා. ධනංජය ද සිල්වාගෙ අන්තිම ඕවරයට ලකුණු 20 ක් ගත්තා. ඒ ඕවර තුනට විතරක් ලකුණු 60 ක් ගියා. මම හිතන්නෙ මේ දේවල් අඩු කරගත්තනම් අපිට ඔස්ටේ‍්‍රලියානුවන්ව ලකුණු 300 කට අඩුවෙන් සීමා කරගෙන තරගය ජය ගන්නා තිබ්බා." යනුවෙනි.