Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පැමිණිලි කළ පුද්ගලයන්ට දඬුවම් ?" ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්.!

2759Views

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හා තවත් අන්තවාදී ක්‍රීයා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනා රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට දඬුවම් දෙනවා වෙනුවට රජය විසින් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ පුද්ගලයන්ට දඬුවම් දෙනවාදැයි සැකයක් ඇතිව තිබෙනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"ආණ්ඩුව රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාට එරෙහිව තිබෙන චෝදනා පොලිසියට ගොනු කරන්න කිව්වම අපි සාක්ෂි 80ක් සහිත චෝදනා 16ක් පොලිසියට ඉදිරිපත් කළා. එතනදී රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අය අක්කර 3000 ට වැඩි ඉඩම් ප්‍රමාණයක් මන්නාරමින් අත්පත් කරගන්නට යොදාගත්ත ඔප්පු 68ක පිටපත් පවා අපි පොලිසියට ඉදිරිපත් කළා. ඔන්න අපි මුලින්ම මේ ලේඛන හොයන්න සතියක් විතර දුක් වින්දා.

ඊට පස්සේ අපි පොලිසියට පැමිණිලි කළාම නැවත පොලිසියේ පොතක ලියාගෙන පැය තුනක විතර අපෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. දැන් අපිට නැවත වතාවක් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට ඇවිල්ල ඒ පැමිණිල්ල ගැන ප්‍රකාශයක් ලබා දෙන්න කියනවා.

එතකොට එකම පැමිණිල්ල කරන්න ඇවිල්ලා අපිට තුන් පාරක් දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිට සාධාරණ සැකයක් ඇතිවෙලා තියෙනවා

මේ ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද නැත්නම් පැමිණිලිකාරයන්ටද මොකද පැමිණිලිකාර අපිට මෙච්චර වද විදින්න වුණාට රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා නම් තාම යහතින් ඉන්නවා ඔහුගේ එක රෝම කූපයකට වත් හානියත් මෙතෙක් සිද්ධ වෙලා නෑ." යනුවෙන් ප්‍රකාශ කළා.