Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ක්‍රිකට් ආයතනයට එරෙහිව අවිශ්ක ගුණවර්ධන අධිකරණයට යයි.!

7711Views

ශ්‍රී  ලංකා ‘ඒ’ කණ්ඩායමේ හිටපු පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ.  ඒ ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය විසින් නීත්‍යනුකූල නොවන ලෙස තම සේවය අත්හිටුවීමට විරෝධය දක්වමිනි.

2017 වර්ෂයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වුණු ටී-10 ලීග් ක්‍රිකට් තරගාවලියකට තමා සහභාගි වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඇති අධිකරණ බලය ඔහු එම පෙත්සම මඟින් අභියෝගයට ලක් කර ඇති බවද දැනගන්නට ඇත. එමෙන්ම වංක චේතනාවන් හා වෙනත් අරමුණු හේතුවෙන් මෙම ක්‍රියාවන් සිදුවන බවටද ඔහු චෝදනා කර ඇති බවද කියවේ. 

කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් තමන් වෙත එල්ල කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් නිසි පරීක්ෂණයක් පැවැත්වීමකින් තොරව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය මඟින් තම සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට තමා බලාපොරොත්තු වන බවත් අවිශ්ක ගුණවර්ධන මින් පෙර පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. 

තවද එම චෝදනාවන් සම්බන්ධයෙන් තමන් තමන් නිර්දෝෂී බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී  ලංකා ‘ඒ’ කණ්ඩායමේ හිටපු පුහුණුකරුවා ප්‍රකාශ කළා.