Friday, December 13, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රිෂාඩ් බදියුදීන් නැවතත් ඇමතිධූරය ලබා ගත හොත් කරන්න යන දේ ඒකාබද්ධ විපක්ෂය කියයි.!

2341Views

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් නැවත අමාත්‍ය ධුරය භාරගැනීමට කටයුතු කළහොත් ඔහුට එරෙහිව යළි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

අමාත්‍ය තනතුරු වලින් ඉවත් වූ කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් ඊයේ (19) යළි අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මේ බව කියා සිටියා. 

එහිදී "මාසයක් යන්න කලින් කිසිදු පරීක්ෂණයකින් තොරව නැවත කබීර් හෂීම් සහ තවත් අයෙක් දිවුරුම් දුන්නා. මේ නාට්‍යයම තිලක් මාරපන, රවී කරුණානායක, විජයකලා මහේෂ්වරන් සිද්ධිවලදී සිදු වූවා සේම සියලු දෙනා ලබන සතිය වෙනකොට දිවුරුම් දෙනවා. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා නැවත ඇමතිවරයෙක් විදිහට යළිත් දිවුරුම් දීමට බොහෝ සේ ඉඩකඩ තියෙනවා." යනුවෙන් සඳහන් කළා.