Wednesday, December 11, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

''විනෝද චාරිකාවක් ගියේ - පුතා කෝල් කරලා අද රෑ එනවා කිවුවා‘‘ රටකම කම්පා කරමින් කිරින්ද මුහුදට බිළිවූ පියා සහ දියණියන් දෙදෙනා (PHOTOS)

5370Views

කිරින්ද යාල මුහුදේ වෙරළ තිරයේ ඇවිදිමින් සිටියදි මුහුදු සැඩ රළ පහරට හසු වි මිය ගිය පියා සහ දියණියන් දෙදෙනා හැටන් සාත්තුනිවාස පාරේ පදිංචිකරුවන් බව හැටන් පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ නුවන් ජයසුරිය නමැති 42 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ දියණියන් දෙදෙනා වන 06 හැවිරිදි සහාලා ජයසුරිය සහ 04 හැවිරිදි නදිශා ජයසුරිය යි.

මිය ගිය නුවන් ජයසුරියගේ බිරිද නුවරඑලියේ පුද්ගලික බැංකුවක සේවය කරන අතර බැංකුවේ සුභ සාධන අංශය මගින්  වාර්ෂිකව සංවිධානය කරනු ලැබු සුහද විනෝද චාරිකාවක් සදහා මිය ගිය නුවන් ජයසුරිය , බිරිද සහ මිය ගිය දරුවන් දෙදෙනා ඉකුත් (21) දින නිවසින් පැමිණ තිබුණා. එසේම මිය ගිය නුවන් ජයසුරියගේ මව ඔහු පදිංචි නිවසේ නතර කර ඔවුන් සිය විනෝද චාරිකාව ගොස් ඇති අතර ඊයේ (23) උදෑසන සිය මවට දුරකථනයෙන් කතා කර ඊයේ රාත්‍රියේ නිවසට පැමිණෙනද බවද ඔහු දන්වා තිබෙනවා.

මේ අතර අනතුරින් දිවි ගලවාගත් නුවන්ගේ බිරිද වන 33 හැවිරිදි හෂිනි ප්‍රේමසුරියගේ ෙතත්ත්වයද බරපතල බව පොලිසිය සඳහන් කරන අතර ඇය වැඩි දුර ප්‍රතිකාර සදහා දෙබරවැව රෝහලේ සිට අම්පාර මුලික රෝහල දක්වා මාරු කර යවා තිබෙනවා.‍