Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජාත්‍යන්තර මුහුදේදී ලංකාවේ යාත්‍රා 10 කට නැව් වලින් පහර දීලා - බහුදින යාත්‍රා හිමියන්ගෙන් පැමිණිළි

2768Views

ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සඳහා ගිය බහුදින යාත්‍රා 10 කට පමණ නැව් කිහිපයක් විසින් පහර දීම් ආරම්භ කර ඇති බව සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය සදහන් කරනවා. ජාත්‍යන්තර මුහුදේ මසුන් බහුලව සිටින ස්ථානයකදී මෙම පහර දීම සිදු කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ මෙරට ලියා පදිංචි බහු දින යාත්‍රා වන සෙහාන් සෙනුර, සදලි, සුභාෂි, ක්ලෝඩියා, ඊශානි, රූටි බබා, රාංකුරුල්ලා, හිරුණි 01 යන ධීවර යාත්‍රා බව හඳුනාගෙන ඇති අතර මෙම ධීවර යාත්‍රා වල මෙරට ධීවරයින් 70 ක් පමණ සිටින බවද වාර්තා වනවා.

ඊයේ (23) මෙරට ලියාපදිංචි විදේශීය රටවල් වලට අයත් නැව් වල සිට යකඩ කැබලි වලින් පහර දීම හේතුවෙන් එක් බහු දින යාත්‍රවක සිටි ධීවරයින් තිදෙනෙකුද තුවාල ලබා ඇති බවද ඔවුන් ප්‍රකාශ කරන අතර මේ සම්බන්ධයෙන් බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය විසින් ධීවර දෙපාර්තමේන්තුවට සහ වෙන්නප්පුව සහ මාරවිල පොලිස් ස්ථාන වලටද පැමිණිළි කර තිබෙනවා.