Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

''ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් ආරාධනා කළා - අවස්ථාව ලැබුනොත් තරඟ කරලා දිනලත් පෙන්නනවා'' ඇමති රාජිත කියයි

2014Views

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන්ට ඉදිරිපත් වන ලෙස ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේනමක් ආරාධනා කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. මුදල් නොමැති වුවත් හැකි විදියට ජනාධිපතිවරණයට තරග කරන්න ලෙස උන් වහන්සේ ප්‍රකාශ කළ බවද සඳහන් කළ අමාතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමා මුදල් උපයා නැති නමුත් මිනිසුක් හම්බ කරගෙන ඇති බවයි.

එසේම තමන් පක්‍ෂ කරේ දමාගෙන හෝ නායකයින් වර්ණනා කරමින් කටයුතු නොකරන බවත්, කුමන විරෝධතා පැමිණියත් කිව යුතු දේ ඍජුව ප්‍රකාශ කරමින් රට ආරක්‍ෂා කරගැනීමත්, බඩගින්නේ සිටින ජනතාව ඉන් මුදාගැනීමත් තම මූලික පරමාර්ථය බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ අතර පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්ද අමාත්‍යවරයා සඳහන් කළේ අවස්ථාව ලැබුණහොත් තමා ජනාධිපතිවරණයට තරග කර ජයග්‍රහණය කර පෙන්වීමට  සූදානම් බවයි.