Friday, December 13, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මමත් මනුෂ්‍යයෙක්....ඒ නිසා මටත් වේදනාව දැනෙනවා - දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අනාගතය ගැන ගැටලු රැසක්

26781Views

මෙවර ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය බොහෝ දෙනාගේ අවධනායට ලක්ව තිබෙනවා.

ඔවුන් ඊයේ (23) පාකිස්ථානු කණ්ඩායම හමුවේද පරාජයට ලක්වූ අතර 2019 ලෝක කුසලානයෙන් ඉවත් වූ දෙවන කණ්ඩායම බවටද පත් වුණා.

තරඟයෙන් අනතුරුව ඉතා කළකරීමෙන් අදහස් පළකල දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩූ ප්පෙසිස් සඳහන් කළේ  මේ මොහොතේ මුහුණුදීමට සිදුව ඇති තත්වය ඉතා අසීරු බවයි.

“මේ තත්ත්වයට මුහුණ දෙන්න ඉතාම අපහසු වේගන එනවා. අපි උත්සාහ කරනවා. ඒත් ඒක අමාරුයි....මමත් මනුෂ්‍යයෙක්නේ....ඒ නිසා මටත් වේදනාව දැනෙනවා”

“මම ක්‍රීඩකයෙක් හැටියටත් නායකයකු හැටියටත් ආඩම්බර වෙනවා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම කියන්නේ මට විශාල දෙයක්. ඒත් මේ වෙලාවේ අපට මුහුණ දෙන්න තියෙන ප්‍රතිඵලය සමග ගනුදෙණු කිරීම ඉතාම අසීරුයි”

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ග්‍රෑම් ස්මිත් සඳහන් කළේ කණ්ඩායමේ තත්වය බලා සිටීමට පවා අපහසු බවයි.එමෙන්ම හිටපු වේග පන්දු යවන්නෙකු වූ  ඇලන් ඩොනල්ඩ්ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ  ලෝක කුසලානය තරඟාවලියෙන් අනතුරුව බොහෝ ප්‍රශ්ණ යොමුවනු ඇති බවයි.මේ අතර හිටපු දකුණු අප්‍රිකානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ජැක් කලිස් පවස්නනේ පරාජයට වීම ක්‍රීඩාවේ කොටසක් වුවත් ප්‍රතිවාදි කණ්ඩායම් වලට ඔවුන්ගේ උපරිමයේදී නොසිටියත් දකුණු අප්‍රිකාව පරාජයට පත් කිරීමට හැකිවීම කණගාටුදායක බවයි.