Friday, December 13, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මිහිදන් කළ මළ සිරුරක් දින 28කට පසු අතුරුදහන් වෙයි - ගලේවෙල ප්‍රදේශයෙන් ඇසුනු අමුතු කතාවක්

2943Views

මිහිදන් කර තිබූ මළ සිරුරක්  දින 28කට පසුව අතුරුදන්වීමේ පුවතක් ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ නිකවැහැර, පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගලේවෙල පොලීසියට අද (24) දින ලැබුණු තොරතුරක් මත ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී මීට දින 28කට පෙර මිහිදන් කළ අයෙකුගේ මළ සිරුරක් මෙලෙස අතුරුදහන්ව ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

එසේම අතුරුදහන්වූ මළ සිරුර සොයා ගැනීම සඳහා සුසාන භූමියේ මෑතකදී මිහිදන් කළ තවත් මිනී වළවල් දෙකක් හාරා ඇති බව පොලිසිය සඳහන් කරන අතර පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂාකර බැලීමේදී ගොඩගත් මළ සිරුර ඇල පහරක් දිගේ මීටර් දෙසීයක පමණ දුරකින් පිහිටි මුරුංගා වගා කර ඇති හේනක පස්වලින් වසා දමා තිබියදී සොයාගෙන තිබුණා.

ගලේවෙල පල්ලෙවෙල ප්‍රදේශයේම පදිංචිව සිටි හබිබී ලෙබ්බේ මන්සූර් නමැති 50 හැවිරිදි අයකුගේ මළසිරුරක් මෙලෙස ගොඩගෙන ඇති ඇති අතර මියගිය පුද්ගලයාගේ ඥාතීන් සඳහන් කරන්නේ සිය ඥාතියාගේ මිහිදන් කළ භූමියේ වළක් හාරා ඇති බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂාකර බැලීමේදී එහි තැන්පත් කොට තිබූ මළ සිරුර නොමැති නිසා ඒ පිළිබඳ පොලිසියට දැන්වූ බවයි.

කෙසේ නමුත් කවුරුන් විසින් මෙය සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර මළ සිරුර සම්බන්ධයෙන් නැවතත් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොර ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවයි ගලේවෙල පොලිසිය සඳහන් කළේ.