Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

උතුරේ කුල ප්‍රශ්නය උග්‍ර වෙයි - කුල ප්‍රශ්නයකට මුලතිව් පුද්ගලයෙක් ගිණි තබා ගෙන මිය යයි.!

2196Views

සිය පවුල තුල ඇති කුල ප්‍රශ්නයක් මත බිරිද දිනපතා ගැටුම් ඇති කර ගැනීම නිසා සිත්තැවුලට පත් මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයෙකු සිරුරට ගිණිතබා ගෙන අද උදෑසන (25) මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ මුලතිව් මුහුදුබඩ ප්‍රදේශයේ පදිංචි රාසතුරෙයි යෝගරාසා නැමති 34 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

ඔහු සියදිවි නසාගත් අද දිනයේද මෙම පුද්ගලයා සිය බිරිද සමග ගැටුමක් ඇති කර ගෙන තිබෙන බව වාර්තා වේ. මෙම ගැටුමෙන් පසු එම පුද්ගලයා සිය සිරුරට ගිණි තබා ගෙන ඇති අතර ඉන් බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා ඔහුව මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අවාසනාවන්ත ලෙසට මිය ගොස් තිබේ.

මුලතිව් පොලීසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.